Monday, September 15, 2025
Follow Us
බස් ගාස්තු අඩු වෙනවා ද?

බස් ගාස්තු ගැන ගත් තීරණය


ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩුකිරීමට හැකියාවක් නොමැති බව බස් සංගම් පවසයි.

සැලකිය යුතු මට්ටමේ ඩීසල් මිලෙහි අඩුවීමක් සිදුව නොමැති බැවින් බස් ගාස්තු අඩුකළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේය.

“බස් ගාස්තු සංශෝධනය වෙනකොට ඩීසල් මිල තිබුණේ රුපියල් 430කට. ඊට පස්සේ රුපියල් 15ක් අඩු කළා. එහිදි 1.5 වෙනසක් ඇති වුණා. ඊට පස්සේ නැවත රුපියල් 15කින් වැඩිවෙලා තියෙනවා. දැනට අපි භාවිතා කළේ ඩීසල් රුපියල් 430යි. ඒ වෙලවේ කිසිදු ආකාරයක සංශෝධනයකට ගියේ නෑ. රුපියල් 10ක් නැවත වරක් අඩු කරලා තියෙනවා. රුපියල් 420යි දැන් ලීටරය. නමුත් බස් ගාස්තුවට මෙය බලපාන්නේ නෑ. මොකද බලපෑමක් වෙන්නේ ප්‍රතිශතයක් විදියට 1.2 වගේ ප්‍රතිශතයක්. නමුත් බස් ගාස්තුවල ඉන්ධනවලට බලපෑමේ ප්‍රතිශතය 04%ක් සිදුවිය යුතුයි. ඒ නිසා මේ අවස්ථාවේ රුපියල් 10ක් අඩුවීම තුළ කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නෑ.”

Aruna