Thursday, April 18, 2024
Follow Us
අවුරුදු 12කට පසුව මැණික්වලින් වැඩිම ආදායම මේ වසරේ

වසර 2010 න් පසුව මැණික් අපනයනයෙන් ලැබූ ඉහළම ආදායම මේවසරේ වාර්තා වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් තේනුවර මහතා කියයි.

නිල් මැණික් ඇතුළුව මැණික් අපනයනයෙන් ඩොලර් මිලියන 380කට අධික මුදලක් මේ වසරේ උපයා ගෙන ඇති බවද පැවසේ.

ඒ අනුව ඉකුත් මාස 11 තුළ පෙර වසරටත් වඩා වාර්තා ගත ආදායමක් ඉපැයූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කැයි

ඒ අනුව මෙම වසරට මැණික් අපනයනයෙන් ඉපැයීමට ඉලක්ක කර තිබූ ඩොලර් මිලියන 355ක ආදායමත් ඉක්මවා ගොස් ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාවෙන් හමුවන නිල් මැණික් සඳහා ලෝක වෙළඳපළේ ඉතා ඉහළ ප්‍රසිද්ධියක් පවතින බවත් අපනයනය කළ මැණික්වලින් වැඩිම ප්‍රමාණය නිල් මැණික් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙළිකර ඇත.

චීනය, ඇමරිකාව, බ්‍රිත්‍යනය, මැලේසියාව, හොංකොං රටවලට වැඩි වශයෙන් මැණික් අපනයනයකර තිබෙන අතර ඊශ්‍රායලය දියමන්ති මිලදී ගෙන තිබේ.

2023 වසරේදී මැණික් අපනයනයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක් ඉලක්ක කර තිබෙන බවත් ඒ සඳහා පතල්කරුවන්ට නව තාක්ෂණික උපක්‍රම ඇතුළු පහසුකම් සැපයීමට අධිකාරිය තීරණය කර ඇති බවද පැවසේ.

Mirror