Monday, September 15, 2025
Follow Us
 ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමට තවත් ප්‍රබල අභියෝගයක්

ශ්‍රී ලංකා පිල සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට


ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 09 වන ස්ථානයයි.

ඒ, ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ (31) පැවති තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගනීමත් සමඟයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රසාද ලකුණු 10ත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 77ක් ලබාගනිමින් මෙලෙස 09 වන ස්ථානයේ රැඳී සිටී.

කෙසේ වෙතත් 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් 08 අතරට තේරී පත්විමට නම් ශ්‍රී ලංකාවට තවත් අභියෝගයක් ජයගතව යුතුව ඇත.

ඒ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග තුනම ජය ගැනීමයි.

Aruna