Monday, September 15, 2025
Follow Us
හෙට සිට කාලගුණයේ වෙනසක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්


දෙසැම්බර් මස 02 දින සිට දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට වැඩි හැකියාවක් පවතින අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිය.

සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Aruna