Monday, September 15, 2025
Follow Us
මත්ද්‍රව්‍ය විෂ වූ 15 හැවිරිදි යාපනයේ සිසුවෙක් ජීවිතක්ෂයට

මත්ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් ශරීරගතවීම හේතුවෙන් යාපනය කෝපායි ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිතුරන් පිරිසක් සමඟ මෙම සිසුවා මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් අනතුරුව සිහිසුන්ව ඇඳවැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙනත් පිරිසක් විසින් අදාළ සිසුවා උණ රෝගියෙකුයැයි පවසා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එම සිසුවා මියගොස් ඇත්තේ අධි මාත්‍රාවකින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශරීරගතවීම හේතුවෙන් බවයි යාපනය ශික්ෂණ රෝහලේදී සිදුකළ පරීක්ෂණවලදී අනාවරණවී ඇත්තේ.

එම සිසුවා දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහිව සිට ඇති බවට සිදුකළ විමර්ශණවලදී අනාවරණවූ බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

Neth