Sunday, March 01, 2026
Follow Us
දුම් ඇල්ලීම වහාම නවත්තන්න- වෛද්‍යවරයෙක් කියන ඇඟ හිරිවැටෙන කතාව

කොරෝනාවට බය වෙලා ස්නායුරෝග හදාගන්න එපා!


දුම් ඇල්ලීම නිසා ස්නායු ශෛලවලට හානි සිදු විය හැකි බවත් ඒ නිසා කිසි සේත් හුමාලය ආග්‍රානය නොකරන ලෙසත් ආයුර්වේද වෛද්‍ය අභයරත්න දේවගිරි පවසනවා.

හෙතෙම මේ බව සඳහාන් කළේ ඊයේ (08) බොරැල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී.

මෙහිදී කොරෝනා වෛරසය පාලනය කිරීමට හුමාලය ඇල්ලීම කොතරම් පලදායකදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.
ශරීරයට අනවශ්‍ය උෂ්ණත්වයක් ලබා ගැනීම තුළින් ශෛලවලට මෙන්ම ස්නායු ක්‍රියා කාරීත්වයටද දැඩි හානි සිදු විය හැකි බව හෙතෙම අවධාරණය කරයි.

(Aruna)