Thursday, April 30, 2026
Follow Us
ලක්ෂ්මන් මහත්තයාගේ ඉල්ලා අස්වීම ලෑස්තිලු

අද හෙටම මහ බැංකුවේ මුල් පුටුව හිස්වේ


මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ලක්ෂ්මන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ප්‍රධාන පෙළේ ආයතනයක ඉහළ තනතුරකට පත් කිරීමට නියමිත බවට ආරංචි මාර්ග සදහන් කරයි.

(Aruna)