Thursday, April 30, 2026
Follow Us
කොවිඩ් දරුවන්ට දිය යුතු වැදගත්ම දේ

කොවිඩ් ආසාදිත දරුවන්ට විවේකය අවශ්‍යයි


කොවිඩ් රෝග ලක්ෂණ තදබල ලෙස නොමැති ආසාදිත දරුවන්ට නිවෙස් තුළම ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව කොළඹ රිජ්වේ ළමා රෝහල පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ එම දරුවන්ට හැකිතාක් දියර ආහාර ලබාදීම වැදගත් බවයි.

එමෙන්ම කොවිඩ් ආසාදිත දරුවන්ට විවේකය ද අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් ආසාදිත එවැනි දරුවන්ගේ ශරීර උෂ්ණත්වය ඉහළ ගියහොත් පැරසිටමෝල් නියම මාත්‍රාවට ලබා දී හැකි ඉක්මනින් රෝහල්ගත කිරීම වැදගත් බව ද වෛද්‍යවරයා සදහන් කරයි.

භයානක ඩෙංගු රෝගය ද මේ වන විට පැතිර යමින් තිබෙන නිසා දරුවන් ආරක්ෂා කර ගැනීමට දෙමාපියන් වගබලා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)