Sunday, March 01, 2026
Follow Us
සක්‍රිය කොවිඩ් රෝගීන් ගණන පළමු වරට 73,000 ඉක්මවයි. දෛනික ආසාදිතයින් ගණන පහළට

ඊයේ (07) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2964 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 2960 දෙනෙකු සහ විදේශයන්හි සිට පැමිණි 04 දෙනෙකු වශයෙනි. ඒ අනුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවෙහි අඩුවක් මේ වනවිට දක්නට තිබේ.

මේ අතර මෙම සංඛ්‍යාවත් සමග දැනට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් ප්‍රමාණය 73081ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වේ.

(LNW)