Sunday, March 01, 2026
Follow Us
සංක්‍රමණික මගීන්ට ඩියුටි ෆ්‍රී විවෘතයි

සංක්‍රමණික මගීන්ට කටුනායකින් ලැබෙන අවසරය


විදෙස් රටවල සිට ලංකාව හරහා තවත් රටකට යාමට පැමිණෙන විදේශිකයන්ට කටුනායක ගුවන් තොටුපළේ තීරු බදු රහිත වෙළෙඳසල් හා ආපන ශාලා තිබෙන කලාපයට පැමිණීමට මෙම සතියේ සිට අවසර ලබාදී ඇත.

ලංකාව මේ වන විට ට්‍රාන්සිටි හබ් එකක් ලෙස ක්‍රියාත්මක වනවා. මෙම සතිය වනවිට දහසක පමණ විදෙස් මගීන් ප්‍රමාණයක් ට්‍රාන්සිටි පැසෙන්ජර්ලා විදියට කටුනායකට එනවා.ඒ අය රැගෙන එන පී.සී.ආර්. වාර්තා පරීක්ෂා කර අදාළ කලාපයට ඇතුළුවීමට අවසර දී තිබෙනවා යැයි ගුවන් තොටුපොළ සභාපති මේජර් ​ෙජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි අරුණට පැවසීය.

මෙම ගුවන් මගීන් සඳහා සීමිත කොටසක් විවෘත කිරීමෙන් රටට ආදායමක් ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

(Aruna)