Thursday, April 30, 2026
Follow Us
ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස්වල මිලත් සීග්‍ර ලෙස ඉහළට

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස්වල වෙළෙදපොළේ හිඟයක් පවතින බව වාර්තා වනවා.

කොරෝනා වසංගත තත්වය හමුවේ එම අමතර කොටස් ආනයනය සීමා වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි ත්‍රීරෝද රථ සහ යතුරු පැදි අමතර කොටස් වෙළෙඳ ව්‍යාපාරිකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ හේතුවෙන් පවතින අමතර කොටස්වල මිලද ඉහළ ගොස් ඇති බව ඔහු සදහන් කළා.

ත්‍රීරෝද රථ සහ යතුරු පැදි අමතර කොටස් ආනයනකරුවන් පවතින අමතර කොටස් තොග වැඩිමිලට අලෙවිකරමින් සිටින බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.

(Neth)