Sunday, March 01, 2026
Follow Us
ඇඳිරි නීතිය ලබන 18 දක්වා දීර්ඝ කළ යුතුයි

සංචරණ සීමා පැනවීමෙන් ආසාදිතයින් වාර්තාවීම අඩුවෙයි


දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් 18 වන දින දක්වා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ දැනට පවතින තත්ත්වය අනුව ආසාදිතයන් තවදුරටත් වාර්තා වීම අඩු මට්ටමට ඉඩ ඇති බවයි.

සංචරණ සීමා පැනවීම හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමකට පැමිණ ඇති බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.

සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක නොවුනද පවතින ආකාරයේ ලබන 18 වැනිදා දක්වා එය පවත්වාගෙන යාමට හැකිනම් වඩා සුදුසු බව වෛද්‍යවරිය පෙන්වා දෙයි.

(Aruna)