Sunday, March 01, 2026
Follow Us
මුළු ගමකටම කොරෝනා බෝ වෙයි

දඹානේ ආදිවාසී ගම්මානයේ ආදිවාසී සාමාජිකයන් 1200කට ආසන්න පිරිසකට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව ආදිවාසී නායකයාගේ පුත් ඌරුවරිගේ මුතුබණ්ඩා ප්‍රකාශ කරයි.

පවුල් 46ක සාමාජිකයන් 1200කට මෙසේ කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර ආසාදිතයින් සියලුදෙනා නිවෙස්වල නිරෝධායනය කොට ඇති බව ඔහු පවසයි.

වසංගතය දඹානේ පැතිරී යාම ආරම්භ වූ මොහොතේ සිට වෛද්‍ය කණ්ඩායම් දිගින් දිගටම දඹානට පැමිණෙමින් ඒ පිළිබද සොයා බැලූූ බව ඔහු සඳහන් කරයි.

කොවිඩ් ආසාදනය වී සිටි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ බිරිඳ පෙරේදා(04) රාත්‍රියේ මිය ගියේය.

(Aruna)