Sunday, March 01, 2026
Follow Us
දස දහසේ සීමාව ඉක්මවා ගිය මෙරට කොරෝනා මරණ

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දස දහසේ සීමාව ඉක්මවා ගියා.

ඒ, තවත් කොරෝනා මරණ 189 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කිරීමත් සමගයි.

එම සියලු මරණ ඉකුත් 4 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධෂක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 3,308 දෙනෙකු ද හඳුනා ගත් බව යුද හමුදාපතිවරයා සදහන් කළා.

(Neth)