Thursday, April 30, 2026
Follow Us
සුනිල් පෙරේරා මියයයි

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායකයා දිවි ගමනෙන් සමුගනී


ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

නිව්මෝනියාව රෝගී තත්ත්වයෙන් අසාධ්‍ය වූ ඔහු ඊයේ (05) කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.

සුනිල් පෙරේරා මහතා පසුගිය අගෝස්තු මාසයේදී කොවිඩ් ආසාදිතවීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ අතර, එම අවස්ථාවේදී රෝහල් ගත කළ ඔහු සුවය ලැබීමෙන් අනතුරුව ඔහු නැවත නිවස කරා පැමිණ තිබිණි.

මිය යනවිට ඔහු 68 වැනි වියේ පසු විය.

(Aruna)