Sunday, March 01, 2026
Follow Us
පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීම අත්අහිටුවයි

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඉදිකිරීමට සැලසුම් කළ ඇවිදින මංතීරුව ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

සියලු පාර්ශව සමග එකගතාවකට පැමිණෙන තෙක් එහි ඉදිකිරීම් තාවකාලිකව අත්හිටවූ බවයි පොළොන්නරුව වාරිමාර්ග අධ්‍යක්‍ෂ එල් එම් ඩබ්ලිව් රත්නසිරි නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

ඒ අනුව පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඇවිදින මංතීරුව ඉදිකිරීම සඳහා ඉවත් කෙරුණු ගල් යළි සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ රළපනාව ආශ්‍රිතව ඉදිකෙරෙන මෙම ඇවිදින මංතීරුවට එරෙහිව ඉකුත් දා මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශයේ ගොවීන් දැඩි විරෝධයක් එල්ල කළා.

(Neth)