Sunday, March 01, 2026
Follow Us
මිල ඉහළ යෑමත් සමගම වෙළඳපොලේ පාන්පිටිත් හිඟවෙයි

වෙළඳපොලේ තිරිඟු පිටි හිඟයක් පවතින බව දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම වාර්තා වේ. ප්‍රීමා සමාගම විසින් පසුගියදා පාන්පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 12 කින් ඉහළ නැංවීමෙන් අනතුරුව මෙම හිඟය උද්ගත වී ඇති බව සඳහන්.

ප්‍රීමා සමාගම මෙසේ පාන්පිටි මිල ඉහළ නංවා තිබුණේ පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතියකින් තොරව වන අතර එම අධිකාරිය විසින් මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

(LNW)