කොවිඩ් වසංගතයට අදාළ තීන්දු තීරණ තවදුරටත් ගනු ලබන්නේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂ වෛද්‍යවරුන් දෙදෙනෙකු පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය නෙත් නිවුස් වෙත සදහන් කළේ මේ හේතුවෙන් කොවිඩ් වසංගතයට අදාළව එම ඒකකය විසින් ඉදිරිපත් කෙරෙන දත්ත පිළිබදවද ගැටළු සහගත තත්ත්වයක් ඇති බවයි.
පළමුවෙන් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණ වැඩසටහනේදී ප්‍රමුඛතාව ලබාදිය යුතු බවට යෝජනා කෙරුණධ එය සංශෝධනය කිරීමට අදාළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා මූලිකත්වය ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය චෝදනා කළේ.
(Neth)