කොරෝනා රෝග ලක්ෂණ ඇති වූ වහාම බොහෝ දෙනා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන අතර රෝගය වැළඳුන මුල් අවස්ථාවේම ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එය රෝගියාගේ ජීවිතයට වුවද අයහපත් ලෙස බලපෑ හැකි බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා අවධාරණය කරයි.
අවශ්‍යතාවයකින් තොරව එම ඖෂධ භාවිතා කර අවශ්‍ය මොහොතේදී එය ලබාදුන්නද ශරීරය තුළ යම් ප්‍රතිරෝධයක් ඇති විය හැකි බවයි ජයවර්ධන මහතා සඳහන් කරන්නේ.
''අපි බහුලව දකිනවා මේ රෝග ලක්ෂණ තිබෙන අය මුල් අවස්ථාවේදී ස්ටීරොයිඩ් වැනි ඖෂධ පාවිච්චි කරනවා. මේ ඖෂධ වලින් කෙනෙකුගේ රෝග ලක්ෂණ සමනය වුණත් ඒ මඟින් රෝගියාගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අඩපණ කරන නිසා පසු අවස්ථාවක භයානක රෝගී තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ඒ නිසා රෝගී ලක්ෂණ පෙන්නු කළ වහාම ප්‍රතිජීවක ඖෂධ හෝ ස්ටීරොයිඩ් වැනි ඖෂධ පාවිච්චි කරන්න එපා. එම ඖෂධ රෝහලට පැමිණි පසු රෝග පරීක්ෂාවෙන් අනතුරුවයි නියම කරන්නේ. එම නිසා එවැනි ඖෂධ හිතුමනාපයට පාවිච්චි කිරීම හිතකර වන්නේ නැහැ.''
මේ අතර දැනට වාර්තා වෙමින් තිබෙන කොවිඩ් මරණ අතරින් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ වයස අවුරුදු 65ට වැඩි අය අතරින් වන හෙයින් එම වයස්වල සිටින අය කඩිනමින් එන්නත ලබාගැනීම වැදගත් බවද ප්‍රියංකර ජයවර්ධන මහතා සඳහන් කරයි.
වයස අවුරුදු 65ට වැඩි තවමත් එන්නත් ලබා නොගත් වැඩිහිටියන් ප්‍රතිකාර සේවා වලදී මුණගැහෙන අතර එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවයි ඔහු කියාසිටින්නේ.
(LNW)