Sunday, March 01, 2026
Follow Us
එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 90 සීමාව ඉක්මයි

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 90 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින්ගෙන් මෙතෙක් දෙවන මාත්‍රාව ලබානොගත් පිරිසට ද කඩිනමින් එම එන්නත ලබාදෙන බවයි.

මේ අතර ඊයේ දිනයේදී මෙරට පුද්ගලයින් දෙලක්ෂ 37, 334 දෙනෙකුට කුමන හෝ කොරෝනා මර්දන එන්නතක මාත්‍රාවක් ලබාදී තිබෙනවා.

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිස එක් ලක්‍ෂ 61,415 ක් බවයි වසංගත රෝග විiා ඒකකය සදහන් කළේ. එහි පළමු මාත්‍රාව ලබාදුන් පිරිස 24, 883 ක්.

ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 3,381 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව තවත් පුද්ගලයින් 383 දෙනෙකුට ඊයේ ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිස 7,742 ක්. පුද්ගලන් 26,192 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවද තවත් පුද්ගලයන් 2,408 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ඊයේ දිනයේ ලබාදුන් බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 145 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව තවත් පුද්ගලයින් 10,785 දෙනෙකුට ඊයේ දිනයේ ලබාදී තිබෙනවා.

(Neth)