Friday, August 22, 2025
Follow Us
ඔබත් මේ වෙබ් අඩවියට ගියා ද ? දැන් ඔබ අවදානම් තත්වයක ?

18ට වැඩි පුද්ගලයින්ගේ තොරතුරු එකතු කරපු ලින්ක් එක

එන්නත් ලබා දීමට යැයි පවසමින් වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ගේ තොරතුරු එකතු කරන මාර්ගගත සබැඳියක් පිළිබඳව දැනගන්නට ලැබුණු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පවසනවා

වසංගත රෝග විද්‍යා අංශය මගින් තොරතුරු එකතු කරන බව පවසා මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටයි ඔහු පැවසුවේ

අධ්‍යක්ෂවරයා අවධාරණය කළේ, සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වසංගත රෝග විද්‍යා ඒකකය එලෙස තොරතුරු එක්රැස් කිරීමක් සිදු නොකරන බවයි

ඒ හේතුවෙන්, එවැනි ප්‍රශ්නාවලිවලට තම තොරතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසත් එවැනි වැරදි තොරතුරුවලට නොරැවටෙන ලෙසත් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ කොට්ටසායට සහ CERT ආයතනයටත් පැමිණිලි කර ඇති බවයි .

(Aruna)