Sunday, March 01, 2026
Follow Us
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන තරගය අද

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක්


සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (04) පැවැත්වීමට නියමිතව තිබේ.

එම තරගය දිවා රාත්‍රී තරඟයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු එක්දින තරගය ලකුණු 14ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

පළමු තරගයේදි සිදුවූ ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකාවට එරෙහි අද තරඟයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබේ.
ඒ අනුව, දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේෂව් මහරාජ්ට හිමිව ඇත.

(Aruna)