Sunday, March 01, 2026
Follow Us
පහන්තුඩාවේ අසභ්‍ය වීඩියෝවේ තරුණයාට මාරාන්තික ලෙඩක්

බෝවෙන ලෙ‌ඩක් නිසා පහන්තුඩාවේ යුවළ උසාවි නොදා ඇපදෙයි


බලංගොඩ පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කළ යුවළ පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ලබන 16 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් එම තරුණිය සහ තරුණයා පොලිස් ඇප මත මුදාහැර ඇත.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනාගෙන තිබේ.

එම තරුණිය ද කෝවිඩ් ආශ්‍රිතයෙකු බැවින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදාහැර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණ යුවළ අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (01) සවස 4.30 පමණ මහරගම ප්‍රදේශයේ දීය.

(Aruna)