Friday, August 22, 2025
Follow Us
අධිකාරියටත් හොරෙන් පිටි මිල වැඩි කරයි

පාන්-බනිස් මිලත් ඉහළ යයිද?


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නොදන්වා ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 12කින් ඉහළනංවා ඇත. මීට පෙරද ප්‍රීමා සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නංවනු ලැබීය.

මේ පිළිබඳව පාරිභෝගිකයන් අධිකාරියට ඊයේ (02 වැනිදා) පැමිණිලිද ඉදිරිපත් කර ඇත. මෙම ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමක් නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

නමුත් බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 5000 ඉක්මවා ඇති බව සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවැසුවේය.

සෙරන්ඩිබ් සමාගමද තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් හයකින් ඉහළ දැමීය. එහිදී බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ නැංවීමට පියවර ගත්තේය.

(Aruna)