Sunday, March 01, 2026
Follow Us
නිරෝධායන ඇඳිරිනීතිය දැඩි වෙයි – එළියට බැස්සොත් වෙන දේ

ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 577ක් අත්අඩංගුවට


ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 577ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් සමග වාහන 62ක් ද සිය භාරයට ගෙන ඇති බවයි.

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 63,908ක්.

මේ අතර ඊයේ දිනය තුළ බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථානවල පිහිටි මාර්ග බාධක 13ක දී පුද්ගලයින් 1796ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එහි දී පරීක්ෂාවට ලක් වූ වාහන සංඛ්‍යාව 994ක්.

(Aruna)