Friday, August 22, 2025
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පහළට. දින 10කට පසු ඊයේ යළිත් 3800 මට්ටමේ

ඊයේ (01) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3828ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් සියලු දෙනාම අලුත් අවුරුදු පොකුරෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙසේ දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4000 මට්ටමෙන් පහළට පැමිණියේ දින 10කට පසුවය.

ඊයේ දිනයේ සිදුකළ පීසීආර් හා රැපිඩ් ඇන්ටිජන් මුළු පරීක්ෂණ ගණන 17681ක් වන අතර ඒ අනුව පරීක්ෂණ ධනාත්මක වීමේ ප්‍රතිශතය 21.65ක් වේ.

(LNW)