Saturday, October 17, 2026
Follow Us
ඓතිහාසික සිතුල්පව්ව පුදබිමේ පිහිටි කුඩා දැගැබක් බිඳදමයි

ඓතිහාසික සිතුල්පව්ව පුදබිමේ පිහිටි කුඩා දැගැබක් ඊයේ රාත්‍රියේ නිධන් හොරුන් විසින් බිඳදමා එහි තිබූ නිධන් වස්තු පැහැරගෙන ගොස් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් පොලීසියට පැමිණිලි කර ඇති අතර සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග දකුණු පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරිය අදාළ ස්ථානයට යොමු කර තිබෙනවා.

අද දිනයේ තමන්ද එම ස්ථානය නිරීක්ෂණය කරන බවයි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

(Neth)