ඊයේ (30) දිනයේ මෙරට සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 13696ක් බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 3173ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියේ දැක්වේ. ඒ අනුව ඊයේ දිනයේ සිදුකළ මුළු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 16869කි.
ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4562ක් වශයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ අනුව ඊයේ දිනයේදී මෙරට කොවිඩ් පරීක්ෂණ ධනාත්මක වීමේ ප්‍රතිශතය ( test positive rate) 27.04% කි. සාමාන්‍යයෙන් පරීක්ෂණ ධනාත්මක වීමේ ප්‍රතිශතය 5% ඉක්මවා ගියවිය එය සැලකෙන්නේ වසංගතයේ සමාජ ව්‍යාප්ති තත්වයක් වශයෙනි. එහෙයින් 27.04% ක් යනු අතිශයින්ම බරපතළ අගයක් බව පෙනේ.
මීට දින 11කට පෙර, එනම් අගෝස්තු 19 වනදා මෙරට PCR පරීක්ෂණ 22290 කුත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 6437කුත් වශයෙන් මුළු කොවිඩ් පරීක්ෂණ 28727ක් සිදුකර තිබිණි. ඊයේ දිනය වනවිට එම සංඛ්‍යාව 11858කින් අඩුවී තිබේ. වසංගතය පාලනය කරගැනීම සඳහා දෛනික කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ දමන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති දිගින් දිගටම ඉල්ලා සිටියදී මෙසේ දින 11ක් තුළ දෛනික පරීක්ෂණ ප්‍රමාණය 40%කින් අඩුකිරීමත් අතිශයින් බරපතළ තත්වයකි.
(LNW)