Friday, August 22, 2025
Follow Us
කොවිඩ් මර්දන එන්නත මාත්‍රා දෙකම ලබා ගත් සියයට තුනකට සිදු වූ දේ

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයන්


ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයන් එක්දහස් තිස්තුන් දෙනකු (1033) මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ගන්නා බව ප්‍රධාන කොවිඩ් සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය අන්වර් හම්දානි අරුණට පැවසීය.

ඔහු සඳහන් කළේ මේ වන විට සත්කාර ඒකකවල කොවිඩ් ආසාදිතයන් එකසිය අසූහත් දෙනකු (187) ප්‍රතිකාර ලබන බවය. මේ වන විට රෝහල්වල ඔක්සිජන් හිඟයක් නොමැති බව ද වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේය.

එසේම මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාවෙන් කොවිඩ් මර්දන එන්නත මාත්‍රා දෙකම ලබා ගත් සියයට තුනක (3%) පිරිසක් මිය ගොස් ඇති අතර එක් මාත්‍රාවක් ලබා ගෙන මිය ගිය සංඛ්‍යාව සියයට දහතුනකි. (13%)

එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයන් (84%) ක ප්‍රමාණයක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බව වෛද්‍ය අන්වර් හම්දානි වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)