ඊයේ (29) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4612ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් සියලු දෙනාම හඳුනාගෙන ඇත්තේ අලුත් අවුරුදු පොකුරේ ආසාදිතයින් වශයෙන් බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මෙම සංඛ්‍යාවත් සමග දැනට රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 59796ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 426,169ක් දක්වා ඉහළ ගොස් ඇත.
(LNW)