Thursday, April 30, 2026
Follow Us
සයිනොෆාම් එන්නත් තොගයක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.3ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

බීජං නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද (28) අලුයම එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව වාර්තා වේ

මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා ලබාගෙන ඇති අතර චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට ආරක්ෂක හමුදා වෙත පරිත්‍යාග කරන ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ද ඊට අයත්වේ.

(Aruna)