Thursday, April 30, 2026
Follow Us
දෛනික ආසාදිතයින් 4600 ඉක්මවයි. සක්‍රිය රෝගීන් 53,000ක්. සමස්තය 412,000න් ඉහළට

ඊයේ (26) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4602ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, අලුත් අවුරුදු පොකුරෙන් 4597 දෙනෙකු සහ විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් 05 දෙනෙකු වශයෙනි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 412,370ක් දක්වා ඉහළ ගොස් ඇත.

එසේම රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 53,353ක් වේ.

(LNW)