Thursday, August 21, 2025
Follow Us
ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,483 දෙනෙකු වාර්තාවෙයි

තවත් කොවිඩ් මරණ 198 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබෙනවා.

එම මරණ ඉකුත් අගහරුවාදා සිදුවූ කොරෝනා මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. එලෙස මියගිය 198 දෙනාගෙන් 79 දෙනෙකුම කාන්තාවන්.

එමෙන්ම මියගිය සමස්ත පිරිසෙන් 146 දෙනෙකුම වයස අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් වනවා.

තවත් 51 දෙනෙකු වයස අවුරුදු 30ත් 59 ත් අතර කාණ්ඩයට අයත්. වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයෙකුද කොරෝනා ආසාදිතව ඉකුත් අගහරුවාදා මියගොස් තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 4,483 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්‍ෂ 7,768 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඒ අතරින් තුන් ලක්‍ෂ 48,930 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා අවසන්.

(Neth)