Thursday, August 21, 2025
Follow Us
ගුරු වර්ජනයට අදට දින 45ක් : ගුරුවරුන්ගේ ස්ථාවරයේ මෙතෙක් වෙනසක් නැහැ

ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත්වී ගුරුවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට අදට දින 45ක් සම්පූර්ණ වනවා. සිය වැටුප් ගැටලුව විසදෙන තුරු වෘත්තිය ක්‍රියාමාර්ගය අත්නොහරින බවයි ගුරු, විදුහල්පති වෘත්තිය සමිති පවසන්නේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය 06 වනදා සිට විරෝධතා ක්‍රියාමාර්ග පැවැත්වීම අත්හිටුවුවද සිය ගැටලුවලට විසදුම් ලැබෙන තුරු වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අත්නොහරින බවද ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙහිදී කියා සිටියා.

මේ අතර ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහලප්පෙරුම පැවසුවේ ගුරු, විදුහල්පති වැටුප් ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

(Neth)