ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ ඇමති අනු කමිටුව ඊයේ කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර ගැටලුව විසඳනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියද එය තවත් සතියකට කල්දමා ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ඇමති අනු කමිටුව යෝජනා ඉදිරිපත් කර ඇතත් ඒ පිළිබඳව සලකා බැලීම තවත් සතියකින් කල්දමා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ලබන සතියේදීද ගැටලුව විසඳනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බවත්, ඒ සඳහා තවත් හේතු ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවත් ජයසිංහ මහතා සඳහන් කරනවා.
ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර ඇති අරගලය කිසිසේත්ම ජයග්‍රහණයකින් තොරව කෙලවර කිරීමට සූදානම් නොමැති බව පෙන්වා දෙන මහින්ද ජයසිංහ මහතා පවසන්නේ ඒ වෙනුවෙන් තවදුරටත් ශක්තිමත්ව අරගලය ඉදිරියට ගෙනයන බවයි.
(LNW)