ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදා ගැනෙන වානේ කම්බි හිගයක් වෙළඳපල තුළ දක්නට ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පාර්ශව පවසනවා. උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වානේ කම්බි මිල ද වෙළඳුන් ඉහළ දමා ඇති බවයි ඔවුන් පවසන්නේ.
රට තුළ සිමෙන්ති හිගයක් පවතින බව ද නෙත් නිවුස් ඊයේ උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණ කළා. වෙළඳපලේ පවතින සිමෙන්ති පාලන මිල ඉක්මවමින් අලෙවි කරන බව ද මෙහිදී අනාවරණ කෙරුණා.
ඉල්ලුමට සරිලන සිමෙන්ති තොග හිගයකින් තොරව වෙළඳපලට නිකුත් කිරීම සඳහා දේශීය සිමෙන්ති නිෂ්පාදන සමාගම් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.
(Neth)