Wednesday, April 29, 2026
Follow Us
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබූ චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.

චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් එම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ.

අදාළ එන්නත් මාත්‍රා තොගය ගුවන් යානයෙන් ගොඩබෑමෙන් අනතුරුව ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ, ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන ඇති බව ද නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

(NEth)