ආනයනික ඖෂධවල මිල 09% කින් නොව 21% කින් වැඩිවිය යුතු බව ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් 09% ක මිල වැඩවීමක් අනුමත කළේ පසුගිය වසරේ මාර්තු 08 වැනිදා බවත් ඒ වනවිට ඇමරිකානු ඩොලරයක වටිනාකම තිබුණේ රුපියල් 198 ක් ලෙස බවත් පෙන්වා දෙන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මේ වනවිට ඩොලරයක මිල 215 ක් දක්වා වැඩි වී ඇති බවයි. ඒ අනුව 21% මිල වැඩිවීමක් අවශ්‍ය බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
ඖෂධ වර්ග 60 ක, අක්ෂි කාච වර්ග 38 ක, රුධිර ග්ලුකෝස් මාපක හා හෘද රෝගීන් භාවිත කරන ස්ටෙන්ට් වර්ගවල මිල වැඩි කරමින් පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
මෙම මිල වැඩිවීමට අනුව පැරසිටමෝල් පෙත්තක මිල රුපියල් 1.50 සිට 1.71 දක්වා ඉහළ ගිය අතර හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා භාවිත කරන ලෝහමය ස්ටෙන්ට් එකක මිල රුපියල් 29,920 දක්වාද, ඖෂධ මුදාහරින ස්ටෙන්ට් ඒකක මිල රුපියල් 130,800 දක්වාද වැඩිකර තිබේ. රුධිර ග්ලුකෝස් මාපකයක් රුපියල් 3150 සිට රුපියල් 3433 ක් දක්වා ඉහළ යයි.
කෙසේ නමුත් ආනයනකරුවන් පවසන්නේ මෙම මිල වැඩිකිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.
(LNW)