Thursday, August 21, 2025
Follow Us
තවත් පිරිසකට කොරෝනා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කළ යුතු බවට යෝජනාවක්

ජංගම වෙළඳුන් හා පදික වෙළඳුන් වැනි ජනතාව අතර ගැවෙසන පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීම අනිවාර්ය කළ යුතුබව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ එසේ නොවුනහොත්, ඔවුන්ගේ මෙන්ම සෙසු පුද්ගලයින්ගේ ජීවිත ද අවදානමට ලක් වනු ඇති බවයි.

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින පිරිස් සඳහා උපකාර කිරීමට ඉදිරිපත් වන්නැයි ද දානපතියන් හා සමාජ සේවකයින්ගෙන් මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

ඒ සඳහා මැදිහත්වීමට සිය සංගමය සූදානම් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

(Neth)