Thursday, August 21, 2025
Follow Us
නිරෝධායන ඇඳිරි නීතිය තවත් දින 10කින් දීර්ඝ කළ යුතුයි

හිටපු වසංගත රෝග ප්‍රධානියාගේ මතය


රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය තවත් දින 10කින් දීර්ඝ කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ පවතින මෙම ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම එන්නත්කරණය පමණක් නොවන බවයි.

වැඩි ප්‍රතිශතයකට එන්නත් ලබාදීමට වඩා අවුරුදු 60ට වැඩි කණ්ඩාමට එන්නත් ලබාදීම වැදගත් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා,

එන්නත්කරණ මේ ගෝලීය වසංගතය පාලනය කිරීම සදහා ඇති එකම විසදුම නෙමෙයි. ඉක්මනින් වැඩි ප්‍රතිශතයකට දෙන්න ගිහින් තමයි ඇත්තටම මේ අත්‍යාවශ්‍යම අය අවුරුදු 60ට වඩා වැඩි කණ්ඩායම අපිට මගහැරුණේ. ඒ නිසා තමයි මේ මියයමින් ඉන්නේ. මේ එන්නත් ක්‍රියාවලියෙන් පමණක් ‌මේ රෝගීන් වැඩිවීම නවත්වන්න බැහැ. මේ තත්ත්වය පාලනය කරන්න සංචරණ සීමා අවශ්‍ය වෙනවාමයි. මේ ර‌ටේ වසංගත රෝග විද්‍යා අංශයේ අවුරුදු 21ක් සේවය කළ රාජ්‍ය සේවකයෙක් හැටියට මම ඉල්ලන්නේ මේ සංචරණ සීමා කාලය අඩුම තරමින් තව දින 10ක් දීර්ඝ කරන්න වෙයි කියලා.

(Aruna)