තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා ක්‍රීඩා අමාත්‍යංශයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, සිය තහනම හා දඩ මුදල පිළිබද යළි සලකා බලන ලෙස ඉල්ලමින්.
එංගලන්ත තරග සංචාරය අතරතුර දී උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කළ බවට චෝදනා එල්ල වූ අතර, අනතුරුව ඔවුන් තිදෙනාට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා.
ඒ ,සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුව විසින් සිදු කළ නිර්දේශ ද සලකා බැලීමෙන් අනතුරුවයි.
(Neth)