Saturday, October 17, 2026
Follow Us
අදත් පළාත් කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින්තැන සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

(Neth)