Thursday, August 21, 2025
Follow Us
දකුණු පළාතේ දෛනික කොරෝනා ආසාදිතයින් දහස ඉක්මවයි

ඉකුත් පැය 24ක කාලය තුල දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයින් 1,352 දෙනෙකු වාර්තා වි තිබෙනවා.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 317 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 377 දෙනෙකු වාර්තා වූ බවයි.

මේ වනවිට දකුණු පළාතෙන් කොරෝනා ආසාදිතයින් 45,133 දෙනෙකු වාර්තා වු බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

(Neth)