Thursday, August 21, 2025
Follow Us
‘‘දින දහයේ නිරෝධායන ඇඳිරි නීතිය අපතේ යවන්න එපා‘

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේන් ඉල්ලීමක්


අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට නිවෙස්වලින් පිටතට නොයන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලීමක් කරයි.

එසේ කටයුතු නොකළහොත් දින දහයේ නිරෝධායන ඇඳිරි නීතිය අපතේ යනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වන සමයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති අවසරය අවභාවිතා කරමින් ගමන් කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන රෝහණ මහතා කාර්යාලවලට සේවක සේවිකාවන් කැඳවීමේදීද අවශ්‍යම අය පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන බව ප්‍රකාශ කළේය

(Aruna)