Thursday, August 21, 2025
Follow Us
සයිනොෆාම් එන්නත ලබාගත් තවත් පුද්ගලයින් 107,930 ක් එන්නත්කරණය සම්පූර්ණ කරයි

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නත ලබාගත් තවත් පුද්ගලයින් එක් ලක්ෂ 7,930 දෙනෙකු සිය එන්නත්කරණය ඊයේ දිනයේදී සම්පූර්ණ කළා.

ඒ, එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමත් සමඟයි. ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගෙන ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන හතලිස් දෙලක්ෂ 81,177 ක්.

මෙරට තවත් පුද්ගලයින් 27,371 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන අනූපන් ලක්ෂ 51,446 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දිනයේදී පුද්ගලයින් 71,314 දෙනෙකුට ලබාදී තිබෙනවා. ඊයේ දිනයේදී ලබාදී ඇති ෆයිසර් පළමු එන්නත් මාත්‍රා ගණන 1,392 ක් වන අතර ලබාදී ඇති දෙවන මාත්‍රා ගණන 2,205 ක්.

(Neth)