Saturday, February 28, 2026
Follow Us
අද මැදියම් රැයේ සිට දුම්රියත් නවතින ලකුණු

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිවල අවධානය යොමුව තිබෙනවා.

ඒ, පවතින කොරෝනා තත්ත්වය මත දුම්රිය සේවකයින්ගේ හා මගීන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින්.

ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙන බවයි ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් මනුර පීරිස් පැවසුවේ.

මෙය ආණ්ඩු විරෝධී ක්‍රියාවක් නොව හුදෙක් ආරක්ෂාව පතා ගන්නා පියවරක් බවයි ඔවුන් පැවසුවේ.

(Neth)