Saturday, February 28, 2026
Follow Us
කොළඹින් පිට ඩෙල්ටා වසංගතයක් වෙලා නෑ

කොළඹ රෝගීන්ගෙන් 90%කට ඩෙල්ටා


කොළඹ නගරයෙන් හමුවන ආසාදිතයන්ගෙන් සියයට අනුවක්ම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ අය බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වලට වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

කොළඹින් පිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවමත් පැතිර ඇත්තේ අඩු සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඇල්ෆා වෛරස ප්‍රභේදය බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)