Thursday, August 21, 2025
Follow Us
දත්තවලට එන්නෙ කොවිඩ් නිව්මෝනි‍යාවෙන් මියයන අය විතරයි ඔක්කොම එකතු කළොත් ලොකු ගාණක් එයි - GMOA

රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව දෛනික කොවිඩ් මරණ ප්‍රමාණය 200 ආසන්නයට පැමිණ ඇති බවත්, මේ වනවිට දැඩි අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට බැරි තත්වයට, ශ්වසන ආබාධ සහිත කොවිඩ් රෝගීන්ට රෝහලක ඇඳක් සොයාගත නොහැකි තත්වයට රෝහල් ධාරිතාවය අර්බුදයට ගොස් ඇති බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙන්නේ, රජයේ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් වන්නේ කොවිඩ් නිව්මෝනියා තත්වයෙන් මියයන පුද්ගලයන් පමණක් බවයි. කොවිඩ් ආසාදිතව වෙනත් රෝග හේතුවෙන් මියයන පුද්ගලයන්ද මෙම දත්තවලට ඇතුළත් කළහොත් කොවිඩ් වසංගතය හේතුවෙන් දෛනිකව අහිමි වන ජීවිත ප්‍රමාණය මීට වඩා විශාල අගයක් ගන්නා බවද වෛද්‍යවරයා පවසනවා.

මතුව ඇති අවදානම් සහගත තත්වය හේතුවෙන් රට වසා දමනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු වුවත් ආණ්ඩවු තවමත් ඒ සඳහා සූදානම් නොමැති බවද කොළඹගේ මහතා පෙන්වා දෙනවා. කොවිඩ් වෛරසය හැසිරෙන ආකාරය අනුව සිදුවන වෙනස්කම් අනුව අපේ හැසිරීම්ද වෙනස් වියයුතු බවත්, පළමු කොවිඩ් රැල්ල පාලනය කළ ආකාරයෙන් මෙවර එය පාලනය කළ නොහැකි බව සියලු දෙනාම තේරුම් ගත යුතු බවත් ඔහු සඳහන් කරනවා.

(LNW)