Thursday, August 21, 2025
Follow Us
සතියකට හෝ රට වසා දමන්න : මහනායක හිමිවරුන් ජනපති සහ අගමැතිගෙන් ඉල්ලයි

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට සතියක කාලයක් වසා දැමීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපි යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

වත්මන් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රටේ සමස්ත ජනතාවම මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බැවින් ජන ජිවිතය සුරක්ෂිත කිරිම සඳහා සෞඛ්‍ය විශේෂඥයින් ගේ උපදෙස් හා නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දමා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරිම උදෙසා පියවර ගන්නා ලෙස එම ලිපියේ දැක්වේ.

(Neth)