Saturday, February 28, 2026
Follow Us
මිල වැඩි කරන්න සිමෙන්ති හංගයි

ගොඩනැගිලි ඉදි කිරීම් නවතී


දිවයින පුරා සිමෙන්ති හිඟයක් පවතින බව ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසල් හිමියෝ පවසති.

සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම්කරුවන් මෙන්ම නව නිවෙස් හා ගොඩනැගිලි හිමිකරුවන්ද දැඩි අසීරුතාවට පත්ව සිටිති.

සිමෙන්ති නිෂ්පාදන සමාගම් දෛනික සිමෙන්ති අවශ්‍යතාවයෙන් අඩක්වත් වෙළෙඳපොළට නිකුත් නොකිරීම නිසා මෙම හිඟය උද්ගතව තිබෙන බව ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසල් හිමියෝ සඳහන් කරති.

සිමෙන්ති මිල ඉදිරියේ දී වැඩි කිරීම සඳහා සිමෙන්ති සමාගම් සාකච්ඡා කරමින් පවතින බවත් මේ හේතුවෙන් එම සමාගම් සිමෙන්ති සැපයීම අඩුකර ඇති බවත් වෙළෙන්දෝ කියා සිටිති.

(Aruna)